බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සම්මාන උළෙලකට ලාංකික මහාචාර්යවරයෙක්

බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් ගේ සංගමය විසින් පවත්වනු ලබන ‘ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල’ සඳහා ලැයිස්තුගත කර ඇති අවසන් නාම යෝජනා අතරට මහාචාර්ය චන්දිම ජීවන්දරගේ නම ද ඇතුලත් වී තිබෙනවා.

පර්යේෂණ අංශයේ හොඳම තරුණ විද්‍යාඥයින්ගේ කාණ්ඩය යටතේ අවසන් තරගකරුවන් 06 දෙනා අතරට පත්ව ඇත්තේ මහාචාර්ය චන්දිම ජීවන්දරයි.

එම අංශය සඳහා නම් කර ඇති අවසන් තරගකරුවන් 06 දෙනා ගෙන් 05 දෙනෙකුම බ්‍රිතාන්‍යය විශ්වවිද්‍යාල නියෝජනය කරනු ලබන විද්‍යාඥයින් වන අතර ලාංකික විද්‍යාඥයෙකු ඒ අතරට ඇතුලත්වීම සුවිශේෂී කරුණක්.

මහාචාර්ය චන්දිම ජීවන්දර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයින් ඇගයීම උදෙසා පවත්වනු ලබන මෙම සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර ඒ සඳහා මෙවර කාණ්ඩ 06ක් යටතේ සම්මාන ලැබීම සඳහා අවසන් තරගකරුවන් 32 දෙනෙකු නම් කර සිටිනවා.

මෙම සම්මාන උළෙල අප්‍රේල් මස 20 වෙනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39