බහාලුම් නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඉරානය වෙඩි තබයි

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ බහාලුම් නෞකාවකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයට පවසනවා.

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ප්‍රමුඛ එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ මෙම සිදුවීම ඕමානයට ඊසාන දෙසින් නාවික සැතපුම් 15ක් දුරින් සිදුව ඇති බවයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් තුවක්කු බෝට්ටුවක් විසින් කිසිඳු අනතුරු ඇඟවීමකින් තොරව , නෞකාව වෙත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හානියක් සිදුව නොමැති බවයි එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !