බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කතානායකට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක ජගත් වික්‍රමරත්නට භාරදීමට නියමිතයි.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර ඔහු සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවකට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි විපක්ෂය පවසන්නේ.