අම්බලන්ගොඩ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරන ගුරුවරයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඔහු අද (26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තාගේ අතකට තුවාල සිදුව ඇති අතර, මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදිය නොනවත්වා අම්බලන්ගොඩ පොලීසිය වෙත ධාවනය කර ඇති අතර, පොලීසිය අසල දී ඔහු යතුරුපැදියෙන් බිම වැටී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
4
+1
6
+1
3
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?