බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අද (12) පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීමට පත් කර ඇති නිෂාන් ධනසිංහ මහතා හට ලබා දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.
පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු ව හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ජනාධිපති පොදු සමාව නොලත් රැඳවියෙකු අනීතිකව මුදා හැරීමේ චෝදනාව මතයි.
මෙවන් පසුබිමකදියි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීම යොමු කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
57
+1
2
+1
2
+1
7
+1
2