බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අද (12) පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීමට පත් කර ඇති නිෂාන් ධනසිංහ මහතා හට ලබා දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.
පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු ව හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ජනාධිපති පොදු සමාව නොලත් රැඳවියෙකු අනීතිකව මුදා හැරීමේ චෝදනාව මතයි.
මෙවන් පසුබිමකදියි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීම යොමු කර ඇත්තේ.














හොරාට ඉස්සර කෙසෙල්කැන වැට පැනීමක්ද?
Thawa idiriyata Malumawo
makabawilama yanawa aye dekak naha.
ධම්මික අයියා කවදත් ගත්තේ හරි තීරණ
මාද්‍ය ප්‍රකාශ ඉල්ලා අස්වීම හොඳයි. ඔහු මේ පරීක්ෂණය අවුල් වන ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. මීට සම්බන්ධ සියලු දෙනා ඔහු අනුගමනය කලොත් බන්ධනාගාරය අලුත් කර ගත හැක.