රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ හැට දහසක් වටිනා “කුෂ්” මත්ද්රව්ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටියදී අද (21) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 22 හැවිරිදි වියේ පසුවන මියන්මාර ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ .
ඔහු අද (21) දින අලුයම 01.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදිපිළි, රසකැවිළි සහ ආහාර අතර, කුෂ් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 04 ග්රෑම් 646ක ප්රමාණයක් පැකැට් 03 ක් තුළ අසුරා සගවා රැගෙන විත් තිබෙනවා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ” කුෂ්” මත්ද්රව්ය තොගය අද (21) දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රදවා තබා ගෙන ප්රශ්ණ කිරීම සදහා කොළඹ , පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතයි.
