බන්ධනාගාර බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අඹුසැමි යුවළකට බරපතල තුවාල

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝගී රැඳවියකු රැගෙන යමින් සිටි මාතර බන්ධනාගාරයට අයත් බස් රථයක යතුරුපැදිය ගැටී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

බන්ධනාගාර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ නියාමකවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ අඹු සැමි යුවළ බණ්ඩාරගම නගරයේ සිට මොරන්තුඩුව දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී බන්ධනාගාර බස් රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බන්ධනාගාර බස් රථයේ දකුණු දකුණුපස ඉදිරි කොටසට බරපතල අලාභ සිදු වී ඇති අතර යතුරු පැදියට ද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

තුවාල ලැබූ යුවළ ප්‍රදේශවාසීන් විසින් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ලබාදී හොරණ මූලික රෝහල වෙත යොමු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔවුන් දෙදෙනා බණ්ඩාරගම හද්දගොඩ වටරවුම් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකාර බන්ධනාගාර නියාමක රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 01 05 at 15.02.282
WhatsApp Image 2023 01 05 at 15.02.26
WhatsApp Image 2023 01 05 at 15.02.261
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24