බටහිර ඉන්දීය කොදෙව් දැවැන්තයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන පන්දුවට 20 තරගාවලියට තවත් මාස 07ක පමණ කාලයක් තිබිය දී ඔහු සිය විශ්‍රාම ගැනීම නිවේදනය කිරීම විශේෂත්වයක්.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියාවට එරෙහි පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ; ඔහුගේ නිජබිම වන ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී පැවැත්වෙන පළමු තරඟ දෙකෙන් අනතුරුව රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනා බවයි දැනුම් දී ඇත්තේ.

37 හැවිරිදි වියේ පසුවන රසල් 2019 සිට විස්සයි විස්ස තරග පමණක් නියෝජනය කළ අතර, කොදෙව් දේශය වෙනුවෙන් දැනට තරඟ 84ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 56කට ක්‍රීඩා කර තිබෙනවා.

කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්ට පසුව මාස දෙකකටත් අඩු කාලයකින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් දෙවන කොදෙව් ක්‍රීඩකයා බවට රසල් පත්වනු ඇති.

මේ අතර සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ කොදෙව් සංචිතය නම්කර තිබෙනවා.

ෂායි හෝප් (නායක), ජුවල් ඇන්ඩෲ, ජෙඩියා බ්ලේඩ්ස්, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂිම්රොන් හෙට්මියර්, ජේසන් හෝල්ඩර්, අකේල් හොසේන්, අල්සාරි ජෝසප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, රොව්මන් පවෙල්, ඇන්ඩ්‍රේ රසල්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40