spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බටපොල අවන්හලක් තුළ පුද්ගල ඝාතනයක්

බටපොල පොලිස් වසමේ බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයා සහ තවත් තිදෙනෙකු බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළ මත්පැන් පානය කරමින් සිටින අතර තුර, ඒ අසල මත්පැන් පානය කරමින් සිටි තවත් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත්ව ඇති අතර, අනතුරුව තවත් මත්පැන් බෝතලයක් පානය කර අවන්හලේ රැඳී සිටිය දී හෙල්මට් පැළඳ තියුණු ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ පහර දී ඝාතනයට ලක්කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

බටපොල පොලිසිය විසින් ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?