මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයට පොලාර්ඩ්

මහේල ජයවර්ධනගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කීරන් පොලාර්ඩ් පත් කර තිබෙනවා.

ඒ, අනුව පොලාඩ් 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩ ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර කීරන් පොලාර්ඩ් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, IPL වෙතින් විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණු භූමිකාවකට යාමට පෙර පොලාර්ඩ් ක්‍රීඩකයෙකු ලෙස වාර 13ක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළා.

මහේල ජයවර්ධන ඔක්තෝබර් 17 වන දින මුම්බායි ප්‍රධාන පුහුණුකාර තනතුරින් ඉල්ලා අස්වූ අතර, ඒ අනුව ඔහුගේ මුම්බායි ඉන්දියන්ස් සමඟ දශකයක් පුරා පැවති සම්බන්ධතාවය අවසන් වුණා.

ඔහුගේ පුහුණු කාලය තුළ, ෆ්‍රැන්චයිස් කණ්ඩායම 2017, 2019 සහ 2020 දී IPL ශූරතා තුනක් දිනාගැනීමට සමත් වුණා.