මාතර, තලල්ල, නාඔටුන්න වෙරළේ තිබී මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර දහයක් සහ ගමන් මලු එකොළහක් අද (24) උදෑසන සොයාගනු ලැබුවා.
එම උරවල සහ ගමන් මලු තුළ අයිස් මත්ද්රව්ය අඩංගු බවට සැකකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්රව්ය අඩංගු අඩංගු උර සහ ගමන් මලු සොයාගනු ලැබුවා.
මෙහිදී මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙණ ඩිංගි යාත්රාවක් ද සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
මේ අතර සොයාගැනුණු මෙම මත්ද්රව්ය තොගයේ කිරුම් කටයුතු සහ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන බවයි නාවික හමුදාව පැවසුවේ.
මෙලෙස සොයාගත් මත්ද්රව්ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා ද එහි පැමිණීමට නියමිත බව වාර්තා වුණා.
