ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් කුවේටයේ දී සැකකටයුතු ලෙස මිය ගිහින්

කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ද ටයිම්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ සාක්ෂි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙන වෙනම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්‍රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුව ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් කාන්තාවගේ මළ සිරුර අල්-නහ්ඩා ප්‍රදේශයෙන් හමුව ඇති අතර, කාන්තාවන් දෙදෙනාගේම දේහයන් අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව ද ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇති එක කාන්තාවක් 1988 වසරේ උපත ලබා ඇති අතර,අනෙක් කාන්තාව උපත ලබා ඇත්තේ 1999 වසරේ දීයි.

අධිකරණ වෛද්‍ය සොයාගැනීම් සහ අඛණ්ඩ පරීක්ෂණ මගින් කාන්තාවන් දෙදෙනා මිය ගිය ආකාරය සහ මෙම සිදුවීම්වලට යම් අපරාධ ක්‍රියාවන් සම්බන්ධ ද යන්න තහවුරු කරගිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19