ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ සහ ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කරමින් අමාත්යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ සංගම්වල පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් පරිවර්තන කමිටු දෙකක් පත් කර තිබෙනවා.
ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස අනුර මහආරච්චිගේ පත්කර ඇති අතර රියර් අද්මිරාල් (විශ්රාමික) වන්දන රත්නායක, ආර්. චන්ද්රසේකර, උපාලි රත්නායක සහ කුසලානි වික්රමරත්න යන අය එහි අනෙකුත් සාමාජිකයින් වනවා.
එමෙන්ම ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් පත්කළ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර කටයුතු කරන අතර, නිලූක කරුණාරත්න, මිලින්ද සූරියආරච්චි, ස්වදෙශ් රන්දික ද සිල්වා සහ සමන් ශ්රී ලාල් එම කමිටුවට පත් කර ඇති අනෙකුත් සාමාජිකයින්.










