තණමල්විල, නිකවැව ප්රදේශයේ පිහිටි ඉඩමක් තුළ තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබිය දී සීයාගෙන තිබෙනවා.
කතරගම දේවාලයට අයත් ඉඩමක් තුළ මෙම අපරාධය සිදුව ඇති අතර, අද (24) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල, බෝදාගම මීගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.
මෙම තරුණයා ඊයේ (23) දිනයේ තණමල්විල නිකවැව 280 වත්තේ පිහිටි අදාළ ඉඩම සුද්ද කිරීම සඳහා එහි ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එම තරුණයා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අද (24) උදෑසන ඔහුගේ පියා අදාළ ඉඩමට ගොස් සොයා බලා ඇති අතර එහිදී තරුණයාගේ මළ සිරුර හමු වී ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද, ඊට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.
