බටපොල අවන්හලක් තුළ පුද්ගල ඝාතනයක්

බටපොල පොලිස් වසමේ බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයා සහ තවත් තිදෙනෙකු බටදූව ප්‍රදේශයේ අවන්හලක් තුළ මත්පැන් පානය කරමින් සිටින අතර තුර, ඒ අසල මත්පැන් පානය කරමින් සිටි තවත් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත්ව ඇති අතර, අනතුරුව තවත් මත්පැන් බෝතලයක් පානය කර අවන්හලේ රැඳී සිටිය දී හෙල්මට් පැළඳ තියුණු ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ පහර දී ඝාතනයට ලක්කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

බටපොල පොලිසිය විසින් ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14