බංගලීන්ට එරෙහි T20 තරගාවලියේ පළමු තරගය අද රෑ පල්ලෙකැලේ දී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දුවාර 20 – 20 තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (10) ඇරඹෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි ව තිබෙනවා.

ඒ නිත්‍ය නායක ලෙස කටයුතු කරන වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මෙම ආබාධ තත්ත්වය මත වනිඳුට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනම අහිමි වනු ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.

බංග්ලාදේශයේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක ලිට්න් ඩාස් හට හිමිව තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් T20I කණ්ඩායමට නම්කර සිටින්නේ; Tanzid Hasan, Parvez Hossain Emon, Litton Das, Towhid Hridoy, Shamim Hossain, Jaker Ali, Mehidy Hasan Miraz, Tanzim Hasan, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman යන ක්‍රීඩකයින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, නුවන් තුෂාර, මතීෂ පතිරණ,බිනුර ප්‍රනාන්දු නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් T20I තරග 17ක් පවත්වා ඇති අතර ඉන් 11ක ම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තම මව්බිමේ දී T20I තරග දෙක බැගින් ජයගෙන තිබෙනවා.

මේ අතර සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය හා එක්දින තරගාවලිය ද ශූරත්වය ඉසිලුවේ සත්කාරක ශ්‍රී ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?