අපරික්ෂාකාරීව හා අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදු කර පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත් කිරීම සහ තවත් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු වූ පෞද්ගලික බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.
එහිදී අධිකරණය විත්තිකරුට රුපියල් 18,000ක දඩයක් ද නිමය කර ඇත.
එසේම මරණයට පත්වූ මගීන් දෙදෙනෙකුගේ සමීප ඥාතීන් දෙදෙනෙකුට රුපියල් 150,000ක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කළේය.
2007 වර්ෂයේ ජනවාරි මස 10 මිරිහාන ප්‍රදේශයේදී සිදුවූ රින අනතුරකට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම දඬුවම් නියම කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
4
+1
1
+1
1
+1
2