AFC Banner
AFC Banner
Empty Ad

පොහොය දිනයේ සරණක් පතා ගෙවත්තට ආ තිත් මුවා

හිසෙහි බරපතළ තුවාලයක් සහිතව ගෙවත්තකට පැමිණ සිටි තිත් මුවකු තම භාරයට ගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඊයේ පියවර ගෙන තිබෙනවා.

දුරුතු පොහොය යෙදී තිබූ ඊයේ දිනයේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණ සිටියදී යි එම තිත්මුවා වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගෙන තිබුණේ.

ඒ එම නිවැසියන් විසින් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

මෙලෙස තුවාල ලබා සිටි තිත් මුවා වයස අවුරුදු තුනහමාරක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

එම තිත් මුවාගේ හිසෙහි කල්ගිය බරපතල තුවාලයක් තිබී ඇති අතර එය මීට කාලයකට පෙර සිදුව ඇති එකක් බවට වනජීවි නිලධාරීන් අනුමාන කරනවා.

තුවාලය හේතුවෙන් රෝගාතුරව සිටි එම තිත් මුවාගේ දිවි බේරා ගැනීම සදහා කඩිනම් ප්‍රතිකාර අවශ්‍යව තිබූ අතර එම තිත් මුවා අල්ලා ගැනීමෙන් පසු පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා කඩිනමින් ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් භාරදීමටයි ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබ ඔබට මුලින්ම ආදරය කරන්න
04:00
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22

?