AFC Banner
AFC Banner
Empty Ad

පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන්ට විවෘත ව අමුත්තන් බැලීමට අවස්ථාවක්

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

හෙට (21) දිනට යෙදී ඇති පොසොන් පොහොය නිමිති කරගනිමින් මෙම විශේෂ අවස්ථාව (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

පොහෝ දිනට රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?