පොලිසිය නිධන් හාරලා මාට්ටු

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෙවත්තක් තුළ නිධානයක් ගැනීමට කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ (3දා) දින අලුයම අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම වැටලීම සිදුකර ඇත්තේ වැලිකන්ද පොලිස් බුද්ධි විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ තොරතුරක් අනුව වැලිකන්ද පොලිසිය විසිනි වැලිකන්ද අංක 101, මොනරතැන්න යන ලිපිනය සහිත ඉඩම තුළ නිධානයක් ගැනීමට උත්සාහ කරමින් කැණීම් කර සිටියදී පොලිසිය විසින් මෙම පිරිස සහ කැණීම් කරන ලද උපකරණ ඇතුළු පූජා භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ. කඩවත පදිංචි තිදෙනකුත් රාගම සහ මුල්ලේරියාවේ දෙදෙනකුත් වැලිකන්ද මොනරතැන්න අයෙකුත් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අතර පොලිස් කොස්තාපල්වරයා සහ කපු තැනැත්තිය ලෙස සිටි කාන්තාව කඩවත පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.අත්අඩංගුවට ගත් උපකරණ අතර උදලු, කටු මිටි සහ පූජා භාණ්ඩ උපකරණ රැසක් තිබී ඇත. පොළොන්නරුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර, පොලිස් සැරයන් සෙනෙවිරත්න (6223) පොලිස් කොස්තාපල් (62607) යන නිලධාරීන් විසින් පොලිස් බුද්ධි විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ ඊයේ පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වැලිකන්ද පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40