පොලිසිය ඇතුළේ පොලිසියට තග දැමූ මැතිවරණ අපේක්ෂකයා අත්අඩංගුවට

මාරවිල පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරුණු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් දෙකෙහි අපේක්ෂකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනේරිය, ලන්සියගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මැතිවරණ පෝස්ටර් අලවෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙක් බේරාගැනීමට පොලිසියට පැමිණි අවස්ථාවේ දී මොහු පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එම මැතිවරණ අපේක්ෂකයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වදිමින් එහි මේස මත තිබූ පොත්පත් විසිකර කලහකාරී ලෙස හැසිරුණු බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

  1. මේ සංස්කෘතිය නැති කරන්න සමාජ ආර්ථික දේශපාලනික වෙනස්කමක් අවශ්‍යයි ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ වර්තමානයේදී සිදුවෙමින් පවතිනවා. ඒ ආකාරයට සියලු දෙනාට දැඩි දඩුවම් දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59