පොලිසියට බිය වී අයිස් ගිල්ල සැකකරු බරපතළ තත්ත්වයෙන් රෝහලේ

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවාය, මහවෙලමුල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී පුද්ගලයෙක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර; එම අවස්ථාවේ දී එම පුද්ගලයා සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය එක් වරම ගිලදමා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු විසින් ගිලදැමූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් යළි පිටතට ගැනීමට හැකිව ඇති ආතර, තවත් ග්‍රෑම් 07 කට ආසන්න ප්‍රමාණයක් සැකකරු ගිලදමා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව එම පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති ඔහු බරපතළ තත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම සැකකරු වසර නවය හමාරක් බන්ධනාගාර ගතව සිට නිදහස් වී මාස කිහිපයක් තුළ යළිත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.

වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32