පොලිසියට අවශ්‍ය කර සිටි රතු වරෙන්තුකරුවන් දෙදෙනකු දිවයිනට

වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාව වෙත පලා ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර, එරට දී අත්අඩංගුවට ගෙන, පිටුවහල් කර අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබෙනවා.

ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ නමැති අය බවයි.

අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නමැති අය වන අතර මොවුන් දෙදෙනා අද අලුයම 01.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05