spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරීන්ටත් සහනයක්

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරන්නට ගොස් මානව හිමිකම් නඩු පවා වැටී ඇතැයි කී ඇමතිවරයා එවැනි අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේ.

එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර ඇති නිලධාරීන් ද සිටින බව කී වීරසේකර මහතා 35 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබූ බවද සඳහන් කර සිටියේ.

එම තත්වයට හේතුව යාන්ත්‍රණයේ තිබූ අඩුපාඩුකම් බැවින් අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඒ පිළිබඳ විශ්ලේෂණයක් කරගෙන යන බවයි ප්‍රකාශ කලේ.

මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වන බව ඇමතිවරයා කියා සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මේ බව පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?