Fly high Get bonus Aviator Phone

Update – පොලිස් නිලධාරියෙක් හමුදා නිලධාරියෙකුට තගදාන සිද්ධිය ගැන විමර්ශනයක්

පොලිස් නිලධාරියෙකු විසින් හමුදා නිලධාරියෙකුට බැන වදින කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යවල සංසරණය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නියෝග කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ, අනුව මෙම සිද්ධිය පිළිබඳව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

විමර්ශනවල දී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මේ අතර සිරි දළඳා වන්දනාව අතර තුර, මහනුවර දී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවල දී මේ වනවිට අනාවරණය වී ඇත්තේ, අදාළ හමුදා නිලධාරියා ඔහුව හඳුනන පිරිසක් බැතිමතුන් රැඳී සිටි පෝලිමට එක් කිරීමට උත්සාහ කර ඇති බවයි.

එලෙස සිදු නොකරන ලෙසට පොලිස් නිලධාරියා විසින් අවස්ථා කිහිපයක දී හමුදා නිලධාරියාට පවසා ඇති අතර, ඒ බව නොතැකූ හමුදා නිලධාරියා එම ක්‍රියාව සිදුකිරීම හේතුවෙන් මෙලෙස පොලිස් නිලධාරියා විසින් ඔහුට බැනවැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
53
+1
25
+1
91
+1
15
+1
24
+1
20
+1
52
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?