AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කළ රියදුරා ගැන තොරතුරු හෙළිවෙයි

අද සවස කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් වටරවුම ආසන්නයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරා පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු නොවන බව පොලිසිය පවසනවා.

රිය අනතුර සිදු කළ පුද්ගලයාගේ දෙමව්පියන් පොලිසියට සම්බන්ධ නොමැති අතර ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

අද පස්වරුවේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ පුද්ගලයා තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක් කරන අයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ අතර එහිදී හෙළිවී ඇත්තේ ඔහු බීමතින් සිට නොමැති බවටයි.

තොරතුරු තාක්ෂණයට අදාළව කරන රැකියාව හේතුවෙන් අධික ලෙස නිදි මැරීම, පරිඝනකය භාවිතය නිසා ඇති වූ වෙහෙස නිසාවෙන් නින්ද යෑම හමුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ පුද්ගලයාගේ දෙමාපියන් වෛද්‍යවරුන් වන අතර සමාජ ජාලාවල හා ප්‍රවෘත්තිවල පලවන ආකාරයට ඔහුගේ දෙමාපියන් පොලිසියට සම්බන්ධ නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරට සම්බන්ධ රියදුරාගේ පියා මීට පෙර පොලිස් රෝහලේ ස්වේච්ඡා වෛද්‍යවරයකු ලෙසට කටයුතු කළ අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?