පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කළ රියදුරා ගැන තොරතුරු හෙළිවෙයි

අද සවස කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් වටරවුම ආසන්නයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරා පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු නොවන බව පොලිසිය පවසනවා.

රිය අනතුර සිදු කළ පුද්ගලයාගේ දෙමව්පියන් පොලිසියට සම්බන්ධ නොමැති අතර ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

අද පස්වරුවේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

අදාළ සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ පුද්ගලයා තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක් කරන අයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ අතර එහිදී හෙළිවී ඇත්තේ ඔහු බීමතින් සිට නොමැති බවටයි.

තොරතුරු තාක්ෂණයට අදාළව කරන රැකියාව හේතුවෙන් අධික ලෙස නිදි මැරීම, පරිඝනකය භාවිතය නිසා ඇති වූ වෙහෙස නිසාවෙන් නින්ද යෑම හමුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ පුද්ගලයාගේ දෙමාපියන් වෛද්‍යවරුන් වන අතර සමාජ ජාලාවල හා ප්‍රවෘත්තිවල පලවන ආකාරයට ඔහුගේ දෙමාපියන් පොලිසියට සම්බන්ධ නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරට සම්බන්ධ රියදුරාගේ පියා මීට පෙර පොලිස් රෝහලේ ස්වේච්ඡා වෛද්‍යවරයකු ලෙසට කටයුතු කළ අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57