spot_imgspot_img

පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථයක ගැටී රෝහලට

අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නැවැත්වීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් කාර් රථයක ගැටී තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව බෝයවලාන පොලීසිය පැවසීය.

24 වෙනිදා අළුයම 12.45 ට පමණ බෝයවලාන නගරයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ බෝයවලාන පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 99714 තෙන්නකෝන් නම් අයෙකි.අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයාව ප්‍රතිකාර සදහා දඹදෙණිය රෝහලට ගෙන ගොස් ඇත.ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇත.මෙම අනතුරට සම්බන්ධ මෝටර් කාර් රථය පදවා ඇති කාන්තාවක්ද අධික කම්පනය හේතුවෙන් ප්‍රතිකාර සදහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

බෝයවලාන පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග රෝහල් ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා 23 වෙනිදා රාත්‍රීයේ බෝයවලාන නගරයේ රාජකාරි කරමින් සිට ඇත.එම අවස්ථාවේදී ගිරිඋල්ල දෙස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට නවත්වන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇත.

අණ නොතකා ධාවනය වන යතුරු පැදිය නැවැත්වීමට පොලිස් කොස්තාපල්වරයා උත්සාහ කර ඇත.ඒ වන විට අලව්ව සෙද සිට ගිරිඋල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් කාර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්ව ඇත.

බෝයවලනා පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?