පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථයක ගැටී රෝහලට

අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නැවැත්වීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් කාර් රථයක ගැටී තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව බෝයවලාන පොලීසිය පැවසීය.

24 වෙනිදා අළුයම 12.45 ට පමණ බෝයවලාන නගරයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ බෝයවලාන පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 99714 තෙන්නකෝන් නම් අයෙකි.අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයාව ප්‍රතිකාර සදහා දඹදෙණිය රෝහලට ගෙන ගොස් ඇත.ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇත.මෙම අනතුරට සම්බන්ධ මෝටර් කාර් රථය පදවා ඇති කාන්තාවක්ද අධික කම්පනය හේතුවෙන් ප්‍රතිකාර සදහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

බෝයවලාන පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග රෝහල් ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා 23 වෙනිදා රාත්‍රීයේ බෝයවලාන නගරයේ රාජකාරි කරමින් සිට ඇත.එම අවස්ථාවේදී ගිරිඋල්ල දෙස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට නවත්වන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇත.

අණ නොතකා ධාවනය වන යතුරු පැදිය නැවැත්වීමට පොලිස් කොස්තාපල්වරයා උත්සාහ කර ඇත.ඒ වන විට අලව්ව සෙද සිට ගිරිඋල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් කාර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්ව ඇත.

බෝයවලනා පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38