Fly high Get bonus Aviator Phone

පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යයි

පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද සවස 6.30 ට පමණ පානදුර උතුර පොලිසියේ නිලධාරීන් පිරිසක් පානදුර දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇත්තේ නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහායි.

පොලිසියෙන් නිවස පරික්ෂා කර එම නිවසේ සිටි වයස අවුරුදු 51ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

එම නිවස ඉදිරිපිට පදිංචිව සිටින අදාළ කාන්තාවගේ සොහොයුරා ඉල්ලා ඇත්තේ ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇය රැගෙන නොයන ලෙසටයි.

කෙසේ වෙතත් පානදුර උතුර පොලිසියේ නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් ද නොමැතිව ත්‍රී රෝද රථයේ දමාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව එම කාන්තාව ත්‍රීරෝද රථයේ දී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති අතර එම අසනීප තත්ත්වය නොතකා පොලිස් නිලධාරීන් එම කාන්තාව පොලිසිය අසලටම රැගෙන ගොස් ඇතැයි සඳහන්.

අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයන් දෙදෙනෙකු පොලිසියේ ත්‍රිරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලිසිය අසලදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාවට අසනීප තත්ත්වයක් පවතින බැවින් රෝහලට රැගෙන යන ලෙසටයි.

ඉන්පසු එම කාන්තාවගේ ඥාති පුත්‍රයන් දෙදෙනා වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන මෙම කාන්තාව පානදුර මූලික රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුල් කරන විටත් කාන්තාව මියගොස් ඇති බවටයි රෝහලෙන් දන්වා ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
8
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?