පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යයි

පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද සවස 6.30 ට පමණ පානදුර උතුර පොලිසියේ නිලධාරීන් පිරිසක් පානදුර දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇත්තේ නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහායි.

පොලිසියෙන් නිවස පරික්ෂා කර එම නිවසේ සිටි වයස අවුරුදු 51ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

එම නිවස ඉදිරිපිට පදිංචිව සිටින අදාළ කාන්තාවගේ සොහොයුරා ඉල්ලා ඇත්තේ ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇය රැගෙන නොයන ලෙසටයි.

කෙසේ වෙතත් පානදුර උතුර පොලිසියේ නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් ද නොමැතිව ත්‍රී රෝද රථයේ දමාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව එම කාන්තාව ත්‍රීරෝද රථයේ දී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති අතර එම අසනීප තත්ත්වය නොතකා පොලිස් නිලධාරීන් එම කාන්තාව පොලිසිය අසලටම රැගෙන ගොස් ඇතැයි සඳහන්.

අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයන් දෙදෙනෙකු පොලිසියේ ත්‍රිරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලිසිය අසලදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාවට අසනීප තත්ත්වයක් පවතින බැවින් රෝහලට රැගෙන යන ලෙසටයි.

ඉන්පසු එම කාන්තාවගේ ඥාති පුත්‍රයන් දෙදෙනා වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන මෙම කාන්තාව පානදුර මූලික රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුල් කරන විටත් කාන්තාව මියගොස් ඇති බවටයි රෝහලෙන් දන්වා ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
8
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40