Indian Premier League

පොලිස් අණ නොතකා වාහනේ රිවර්ස් ගිය සැකකරුට එරෙහිව නියෝගයක් (වීඩියෝ)

මාලඹේ – හෝකන්දර, විස්කම් මාවත අසල දී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේ දී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (24) අවසර ලබා දුන්නා.

මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නමැති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීමටයි අවසර ලබා දුන්නේ.

මාලඹේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේ දී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිය සේවාදායකයා පලා යාමට නොව පොලිස් අණ පරිදි පොලිස් නිලධාරීන් සිටින තැනට පසුපසට ධාවනය කිරීමේ දී පොලිසිය මගින් ඉදිරිපස රෝදයකට වෙඩි තබා ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11

?