පොල් කඩන්න ගසට නැගුණු පුද්ගලයා ගසෙන් බහිද්දී මියයයි (ඡායාරූප)

පොල් ගසකට නැගුණු පුද්ගලයෙකු ඉන් බසිමින් සිටියදී පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසක අත්තක් මත වාඩිවී සිටින ආකාරයෙන් හදිසියේ මිය යාමේ සිදුවීමක් පොකුණුවිට වැලිකල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු පොල් කැඩීමේ රැකියාවේ නිරත අයෙක් වන අතර අද වැලිකල තිබ්බොටුගොඩ ප්‍රදේශයේ වත්තක අඩි 60ක පමණ උසින් යුත් ගසක පොල් කඩා යළි බසිමින් සිටියදී මෙම මරණය සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොල් ගසේ සිට අඩි 35ක් පමණ පහතට බසිමින් සිටියදී ඔහු නතර වීම සම්බන්ධයෙන් වත්තේ හිමිකරු විමසිලිමත් වීමේ දී මිය ගිය පුද්ගලයා අඩි 25ක පමණ වූ උසින් පොල් ගස වටා එතී තිබූ කැටකැරැල්ල ගසේ කරුව අසල හිඳගෙන සිටින ආකාරය දැක කතා කළ ද ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

අනතුරුව මියගිය අයගේ පවුලේ ඥාතීන්ට ඒ බව දැනුම් දී ඔවුන් ද එම ස්ථානයට කැඳවා පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා ද එම ස්ථානයට කැඳවා ඔහුගේ නියෝග මත මළ සිරුර බිමට ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
12
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29