මාතර – පොල්හේන වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිමි දරුවෙක් දිය වැලකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඊයේ (24) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
එම අවස්ථාවේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි මාතර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත ප්රධාන පොලිස් නිලධාරීන් විසින් දරුවා බේරාගෙන මූලික ප්රථමාධාර ලබා දී වැඩිදුර ප්රථිකාර සඳහා මාතර රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 11ක් වන මහනුවර ප්රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.













