පොත්තපිටිය කන්දේ අතුරුදන් වූ විදෙස් තරුණියගේ සිරුර හමුවේ

කඩුගන්නාව, පොත්තපිටිය, අලගල්ල කන්ද නැඟීමට ගොස් විදෙස් තරුණියක් පසුගිය 10 වනදා සිට අතුරුදන්ව ඇති බවට තොරතුරක් වාර්තා වුණා.

දින කිහිපයකට සිට මෙලෙස අතුරුදන්ව සිටි තරුණයගේ සිරුර අලගල්ල ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස සොයා ගැනුණේ ඩෙන්මාර්ක් ජාතික කරේන් මන්ක් එම්බසන් නැමැති තරුණියගේ සිරුරයි.

මෙම තරුණිය පසුගිය ජුනි 24 වනදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණා.

එලෙස සංචාරයේ යෙදෙන අතර තුර ඇය ජුලි 10 වනදා පෙරවරුවේ කඩුගන්නාව, පොත්තපිටිය, අලගල්ල කන්ද තරණය කිරීමට යන බව හෝටලයේ හිමිකරුට දන්වා පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මැය කඩුගන්නාවට පැමිණ කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ගත් ලංගම බස් රථයකින් පොත්තපිටියට ගොස් එතැන් සිට අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

එලෙස ගමන් ගන්නා අතර තුර දමිළ ජාතිකයකු මුණගැසී ඔහු ගෙන් තොරතුරු විමසා ඇති බවට ද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අලගල්ල කන්ද මුදුණ නැඟ ඇති මෙම තරුණිය ගල මුදුණේ සිට අනිත් පැත්තට මාරු වීමට ගත් උත්සාහයක දී ගලෙන් පහළට ඇද වැටී ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

එලෙස ඇද වැටුණු මෙම තරුණියගේ සිරුර මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබී මෙලෙස හමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
10
+1
4
+1
7
+1
175
+1
15
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07