spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතියගේ නිවසට ආ පෙම්වතාගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන (ඡායාරූප)

බදුල්ල, තල්දෙණ, 07 කණුව ප්‍රදේශයේ ඇළක තිබී මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (31) දහවල් සොයාගත් බව බදුල්ල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රභාත් සංජිව නැමැති 27 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මොහු 05 කණුව, පදියතලාව පාර මහියංගණය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම තරුණයා ඊයේ (30) තල්දෙණ, 07 කණුව ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එදින රාත්‍රියේ එම නිවසේ නතර වී ඇති බවටයි තොරතුරු අනවරණය වී ඇත්තේ.

පසුව මෙම තරුණයා රාත්‍රියේ නිවසේ නොමැති බවට නිවැසියන් විසින් දැනගෙන ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

එහිදී සිදුකළ සෝදිසි කිරීම්වල දී ඔහුගේ මළ සිරුර නිවසට පහළින් ගලා බසින ඇළක තිබී අද (31) දහවල් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
4
+1
16
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?