පෙට්‍රල් ගන්න ඉදිරි දින 03 තුළ පෝලිම්වලට එක් වෙන්න එපා – බලශක්ති ඇමති

පෙට්‍රල් ලබාගැනීම වෙනුවෙන් ඉදිරි දින තුන තුළ අනවශ්‍ය ආකාරයෙන් ඉන්ධන පෝලිම් වෙත එක් නොවන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉදිරි දින තුන, හතර තුළ පෙට්‍රල් ලබාගැනීමේ දී අත්‍යවශ්‍ය අංශ සඳහා වැඩි අවස්ථාවක් සලසා දෙන ලෙසයි අමාත්‍යවරයා ඒ අනුව ඉල්ලා සිටින්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ලැබෙන ඩීසල් තොග කළමනාකරණය කරමින් ලබාගැනීමට ඉදිරිපත්වන ලෙස මහජනතාවට අමාත්‍යවරයා දැනුම් දෙනවා.

මේ අතර ඉන්ධන බෙදාහැරීම ලබන 23 වනදා සිට යතා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙඩි අනාවරණය වුණේ.

එමෙන්ම ලබන 23 වනදා පෙට්‍රල් සහ 24 වනදා ඩීසල් නැවක් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 90ක ණයවර ලිපි නිකුත් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38