AFC Banner
AFC Banner
Empty Ad

පූනාගල කඳු පංතියේ විශාල ගින්නක්

සංවේදී පරිසර පද්ධතියක් සහිත පූනාගල කඳු පංතියේ විශාල ගින්නක් ඇතිවී තිබෙනවා.

ගින්න හේතුවෙන් එම රක්ෂිතයට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (20) දහවල් කාලයේ සිට විශාල ගින්නක් පැතිර යමින් ඇති අතර එම ගින්න අද (21) උදෑසන වන විටත් කඳු රක්ෂිතයේ තැනින් තැන පැතිර යමින් තිබෙන බව සඳහන්වනවා.

සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම පූනාගල කඳු රක්ෂිතය මෙලෙස ගිනිගෙන ඇති අතර ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?