spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් කරපු දෙයක් නැහැ

මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කරන්න තරම් බංකොළොත් මට්ටමට වැටුණු යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් ඉන් කරපු දෙයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය.

“2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ආර්ථික සංවර්ධනයට දායක කර ගන්නවා   වෙනුවට  රාජපක්ෂලාගෙන්  පළිගන්න  වී ගබඩා කළා.

ඒ වගේ බංකොළොත් මට්ටමකට වැටුණු යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණය අරගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ. ණයක් ගත්තා නම් ඒ ණය මුදල් ආයෝජනය කරලා කරපු දෙයක් ‍තියෙන්න ඕනේ. මත්තල ගුවන්තොටු‍පොළ විනිමය උපයන්නේ අපේ රටට. ඒවා අපේ රටේ සම්පත්. යහපාලන ආණ්ඩුවට කිසිම සංවර්ධන සැලසුමක්, සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ.”

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය හා උප ධාවන පථය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?