පුරන් කුඹුරු අස්වැද්දීමට රුපියල් 36,000ක සහනාධාරයක්

දිවයිනේ මේ වනවිට ඇති පුරන් කුඹුරු අස්වැද්දීමට පියවර ගන්නා පුද්ගලයින්ට මුලික බිම් සැකසීම සඳහා මුල්‍ය සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව පුරන් කුඹුරු අක්කරයක මුලික බිම් සැකසීම සඳහා රුපියල් 36,000ක මුදලක් සහනාධාරයක් වශයෙන් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩි වශයෙන් පුරන් කුඹුරු දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතේ වන අතර දැනට වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 40,000ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව පෙනී යන බවයි.

මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 2749ක් වන අතර ඉන් වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 1012ක් වනවා.

පුරන් කුඹුරු වාර්තා වීමට ප්‍රධාන හේතුව අස්වැන්න අඩු වීම හමුවේ ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් වගා කිරීම අත්හැර දැමීම, ශ්‍රම හිඟය හා කුඹුරු අයිතිකරුවන් වි‌දේශ ගත වීම මෙන්ම ඇතැම් කුඹුරු ජලය බැස නොයාම නිසා වගුරු බවට පත්වීම නිසා බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් නාගරික ප්‍රදේශවල ඇති කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් කුඹුරු බවට පත් වී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම කුඹුරු වගා කිරීම අයිතිකරුවන්ගේ වගකීමක් බවත්, ඔවුන් විසින් වගා නොකරන්නේ නම් ගොවිජන සේවා පනත යටතේ එම කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගෙන වගා කළ හැකි පුද්ගලයින්ට පැවරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බස්නාහිර පළාතේ ඇතැම් පුරන් කුඹුරු මෙන්ම වගා කටයුතු සිදුවෙන කුඹුරු ද යෝජනා ක්‍රමය යටතේ එළවළු හා පලතුරු මෙන්ම මත්ස්‍ය වගාව සඳහා ද මේ වනවිට යොදා ගෙන තිබෙන බවත්, කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වගා කළ හැකි හැම ඉඩමක්ම වගා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බැවින් මෙම පුරන් කුඹුරු ද වගා කිරීම සඳහා රජය සම්පූර්ණ සහයෝගය දක්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

2023 වසරේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 430ක මුදලක් රජය විසින් වෙන් කර තිබෙනවා.

ඒ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන පුද්ගලයින්ට මුලික බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 36,000ක මුදලක් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51