පුතාගේ කාර් එකට තිබූ අඩය ඉවත් කරන්න ගිහින් මව ජීවිතක්ෂයට

කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේ දී ඊයේ (07) දහවල් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 59ක කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයක් රියදුරුට පණ ගැන්වීමට නොහැකිව නවතා තිබියදී; එය පණ ගැන්වීම සදහා රියදුරුගේ මව හා බිරිඳ ඉදිරිපස රෝදයේ ටයරයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ගොස් තිබෙනවා.

රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබී ඇති අතර, එහි රෝදයේ ටයරයට තබා තිබූ ගල ඉවත් කිරීමේ දී රථය ඉදිරියට ගමන් කර රියදුරුගේ මව රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේ දී රියදුරුගේ බිරිඳ වහා ඉවත් වුවද මවට ඉවත් වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ ආචාර්ය ජානකී ජයවර්ධන බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54