Indian Premier League

පුතාගේ කාර් එකට තිබූ අඩය ඉවත් කරන්න ගිහින් මව ජීවිතක්ෂයට

කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේ දී ඊයේ (07) දහවල් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 59ක කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයක් රියදුරුට පණ ගැන්වීමට නොහැකිව නවතා තිබියදී; එය පණ ගැන්වීම සදහා රියදුරුගේ මව හා බිරිඳ ඉදිරිපස රෝදයේ ටයරයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ගොස් තිබෙනවා.

රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබී ඇති අතර, එහි රෝදයේ ටයරයට තබා තිබූ ගල ඉවත් කිරීමේ දී රථය ඉදිරියට ගමන් කර රියදුරුගේ මව රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේ දී රියදුරුගේ බිරිඳ වහා ඉවත් වුවද මවට ඉවත් වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ ආචාර්ය ජානකී ජයවර්ධන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
6
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?