පුංචි ඡන්දය පැවැත්වීම ගැන දුන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ – ඡන්දය පැවැත්වීම විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුයි (වීඩියෝ)

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව කතානායකවරයා අද (14) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළා.

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලද සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ නිවේදනය පහතින්;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ;
පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවයි
.

විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ;
මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.” යනුවෙනි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම දීර්ඝ වශයෙන් ප්‍රමාද වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තරයේ අවවාද කරමින් මීට පෙර ද දැනුම්දුන්නේ වහාම එය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මේ බව සභා නායකවරයා ද පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පෙන්වා දුන්නා.

මීට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් ද මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ සභා වාරයක් ඉල්ලීම කතානායකවරයාගෙන් සිදු කරනු ලැබුවා.

ඒ අනුවයි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා අද කැඳවනු ලැබුවේ.

මෙම තීරණය දැනුම්දීමෙන් පසුව එළඹෙන 17 වැනි දා පස්වරු 02 සිට රාත්‍රී 07 තෙක් පුංචි ඡන්දයට අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද ඇරඹීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවංගත තම පියාට පුෂ්පෝපාහාර දැක්වීමට සජිත් ප්‍රේමදාස එයි..එජාප නවීන් ඇතුළු සෙට් එකක් ඇවිත්
04:00
Video thumbnail
කම්කරු දිනයේ වඩිවේල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජනපති රතු ෂර්ට් එකකුත් දාගෙන ගැම්මෙන් නුවරඑළියට ආ හැටි
01:25
Video thumbnail
දිලිත්ගේ මැයි රැළියට ජන ගඟක් ගලාගෙන එන හැටි
01:50
Video thumbnail
හිටපු ජනපති මහින්දයි පුතයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39