පුංචි ඡන්දය පැවැත්වීම ගැන දුන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ – ඡන්දය පැවැත්වීම විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුයි (වීඩියෝ)

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව කතානායකවරයා අද (14) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළා.

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලද සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ නිවේදනය පහතින්;

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ;
පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවයි
.

විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ;
මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.” යනුවෙනි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම දීර්ඝ වශයෙන් ප්‍රමාද වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තරයේ අවවාද කරමින් මීට පෙර ද දැනුම්දුන්නේ වහාම එය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මේ බව සභා නායකවරයා ද පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පෙන්වා දුන්නා.

මීට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් ද මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ සභා වාරයක් ඉල්ලීම කතානායකවරයාගෙන් සිදු කරනු ලැබුවා.

ඒ අනුවයි විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා අද කැඳවනු ලැබුවේ.

මෙම තීරණය දැනුම්දීමෙන් පසුව එළඹෙන 17 වැනි දා පස්වරු 02 සිට රාත්‍රී 07 තෙක් පුංචි ඡන්දයට අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද ඇරඹීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14