spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දය ගැන කණ්ඩායම් කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණයට අදාළව කණ්ඩායම් කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට සැලසුම් කර තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුව ඇති බවයි.

මැතිවරණය මාස කිහිපයක සිට ප්‍රමාද වී ඇති බැවින් නාමයෝජනා අවලංගු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ද ඔහු සඳහන් කළා.

පසුගියදා පැවති පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය උපදේශන කාරක සභාවේදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ඡන්ද විමසීම ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීම ප්‍රායෝගික වන බවයි.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු රාජ්‍ය සේවකයින් ගැටලු රැසකට මුහුණ පා සිටින බව ද කමිටුවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරුන් සහ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?