පිරමීඩ මූල්‍ය වංචාවක සැකකාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග

“ඔන්මැක්ස් ඩී.ටී” නමැති නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ජාවාරම හරහා තැන්පත්කරුවන් සතු රුපියල් මිලියන ගණනක මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව කියන සැකකාර වෛද්‍යවරයකුගේ සියලු බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර විමර්ශනවලට අනුව එම සැකකාර වෛද්‍යවරයාද මෙම මූල්‍ය ජාවාරමට සම්බන්ධවී ඇති බවට කරුණු අනාවරණය වී බවත් ඔහු මෙම සිද්ධියේ එකොළොස්වැනි සැකකරු වශයෙන් නම් කර ඇති බැවන් ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනය කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසට මූල්‍ය අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තැන්පත්කරුවන්ගෙන් පැමිණිලි 13,000 ක් පමණ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් මත එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් හය වන සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින එබැවින් ඔහු මෙරටට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමිවුණා.

මෙම සිද්ධියට මෙවන විට වසර දෙකකට අධික කාලයක් ගතව ඇතත් පැමිණිකාර තැන්පත්කරුවන්ට සාධාරණයක් සිදුව නැතිි බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙසට තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනීී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළමහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියා සිටියේ පැමිණිලිකරුවන්ට අදාළ මුදල් ලබාදීම සඳහා මහ බැංකුව සමග එකතු වී නිසි ක්‍රියාමාර්ග පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

සිද්ධියට අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දෛනිකව ලැබෙන මෙම පැමිණිලි සඳහන්සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත්, සැකකරුවන්ගේ ගිණුම් පිළිබඳව විමර්ශනය කර ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34