spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කළ ගිනි අවිය හමුවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හීනටියන මහේෂ්ගේ ගෝලයා සමග අත්අඩංගුවට ගත් ගිනි අවිය මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය බවට අනාවරණ වී තිබෙනවා.

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදීයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ T56 ගිනි අවියක්, එම පතොරම් ගැබ් 3ක්, T56 පතොරම් 87ක්, පිස්තෝල ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ෂොට් ගන් අවි සඳහා භාවිත කරන පතොරම් 15ක් සහ ව්‍යාජ අංක තහඩු 2ක් සමගින්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිසියට භාරදෙනු ලැබුවා. මීගමුව ප්‍රදේශයේම පදිංචි සැකකරු 25 හැවිරිදි අයෙක්.

ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හීනටියන මහේෂ්ගේ සමීපතමයෙකු බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් ගිනි අවිය මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකදී පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස 06 වනදා පියෙකු සහ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය බවට ද සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මීගමුව පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?