පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කළ ගිනි අවිය හමුවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හීනටියන මහේෂ්ගේ ගෝලයා සමග අත්අඩංගුවට ගත් ගිනි අවිය මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය බවට අනාවරණ වී තිබෙනවා.

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදීයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ T56 ගිනි අවියක්, එම පතොරම් ගැබ් 3ක්, T56 පතොරම් 87ක්, පිස්තෝල ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ෂොට් ගන් අවි සඳහා භාවිත කරන පතොරම් 15ක් සහ ව්‍යාජ අංක තහඩු 2ක් සමගින්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිසියට භාරදෙනු ලැබුවා. මීගමුව ප්‍රදේශයේම පදිංචි සැකකරු 25 හැවිරිදි අයෙක්.

ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හීනටියන මහේෂ්ගේ සමීපතමයෙකු බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් ගිනි අවිය මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකදී පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මස 06 වනදා පියෙකු සහ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය බවට ද සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මීගමුව පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04