spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිත්තේ රිද්මය සොයන කෝලිට බාබර්ගෙන් සවියක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ පිතිකරණයේ රිද්මය මේ දිනවල යම්තාක් දුරට ගිලිහී ගොස් ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී සහ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ ජාත්‍යන්තර තරගවලදී කෝලිට එතරම් දක්ෂතා අතරට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ.

එංගලන්තය සමඟ ඊයේ පැවති දෙවන එක්දින තරගයේදී කෝලි ලකුණු 16කට දැවී ගිය අතර, බොහෝ ඉන්දීය ප්‍රේක්ෂකයින්
ප්‍රශ්නකර සිටින්නේ මේ දිනවල දක්ෂතා අතර නොමැති කෝලි ඉන්දීය කණ්ඩායම තුළ තවදුරටත් රඳවාගෙන සිටින්නේ කුමන හේතුවකටද යන්නයි.

මෙවැනි තත්ත්වයක් තුළ සිය හිතවතාව දිරි ගන්වන්නට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ඊයේ කටයුතු කර තිබුණා.

ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්ථාන කණ්ඩායම සමඟ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බාබර් අසාම් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් මෙලෙස විරාට් කෝලිව දිරිගන්නවන්නට කටයුතු කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

බාබර් එහි සඳහන් කර තිබුණේ “මෙය සමත් විය යුතුයි, එනිසා ශක්තිමත්ව සිටින්න” යනුවෙන්.

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?