පිත්තේ රිද්මය සොයන කෝලිට බාබර්ගෙන් සවියක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ පිතිකරණයේ රිද්මය මේ දිනවල යම්තාක් දුරට ගිලිහී ගොස් ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී සහ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ ජාත්‍යන්තර තරගවලදී කෝලිට එතරම් දක්ෂතා අතරට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ.

එංගලන්තය සමඟ ඊයේ පැවති දෙවන එක්දින තරගයේදී කෝලි ලකුණු 16කට දැවී ගිය අතර, බොහෝ ඉන්දීය ප්‍රේක්ෂකයින්
ප්‍රශ්නකර සිටින්නේ මේ දිනවල දක්ෂතා අතර නොමැති කෝලි ඉන්දීය කණ්ඩායම තුළ තවදුරටත් රඳවාගෙන සිටින්නේ කුමන හේතුවකටද යන්නයි.

මෙවැනි තත්ත්වයක් තුළ සිය හිතවතාව දිරි ගන්වන්නට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ඊයේ කටයුතු කර තිබුණා.

ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්ථාන කණ්ඩායම සමඟ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බාබර් අසාම් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් මෙලෙස විරාට් කෝලිව දිරිගන්නවන්නට කටයුතු කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

බාබර් එහි සඳහන් කර තිබුණේ “මෙය සමත් විය යුතුයි, එනිසා ශක්තිමත්ව සිටින්න” යනුවෙන්.

4 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14